හොරණ පොලිස් වසම තුළ සිදුකළ වාහන පරීක්ෂාවකදී හඳුනාගත් දෝෂ සහිත වාහන 15ක් සඳහා තහනම් නියෝග නිකුත් කළ බව හොරණ මූලස්ථාන පොලීසිය පවසනවා.
මෙම මෙහෙයුම අතරතුර රථ වාහන සම්බන්ධයෙන් වෙනත් නීති උල්ලංඝනයන් සිදුකර තිබූ පුද්ගලයන් 35 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද පොලීසිය කටයුතු කර තිබෙනවා.
පරීක්ෂාවට ලක්කර ඇති රථ වාහන සංඛ්‍යාව 107ක් වන අතර පහන් සහ සංඥා පද්ධතිවල අඩුපාඩු, තිරිංග පද්ධතියේ දෝෂ, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ධාවනය කිරීම සහ පැති කන්නාඩිවල අඩුපාඩු වැනි වැරදි හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළා.
රිය අනතුරු සිදුවීමට ප්‍රධාන හේතුවක් වන දෝෂ සහිත වාහන හඳුනාගෙන ඒවාට නීතිමය පියවර ගැනීම මඟින් හොරණ පොලිස් වසම තුළ රිය අනතුරු අවම කිරීම අරමුණු කරගෙන මෙම වාහන පරීක්ෂාව ක්‍රියාත්මක කළ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.