Latest News

“සාර්ථක ප්‍රතිඵල ලැබෙන තුරු ඉරානයට එරෙහි මෙහෙයුම් නතර නොවේ” – අමෙරිකා ආරක්ෂක ලේකම්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයට එරෙහිව සිදුකරන යුද මෙහෙයුම් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා තුරු අඛණ්ඩව පවත්වාගෙන යාම අමෙරිකාවේ අපේක්ෂාව බව පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසන්නේ මෙවැනි යුද මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී එහි අවසානය හෝ සීමාවන් සම්බන්ධයෙන් සතුරු පාර්ශවයට හෝ පොදු ජනතාවට පෙරදැනුම් දීමට අවශ්‍යතාවක් නොමැති බවයි.
තවද ජයග්‍රහණය අරමුණු කරගනිමින් අමෙරිකාව මෙම සටන ඉදිරියට ගෙන යන බවත්, අමෙරිකාව සමඟ සටන් කිරීමේ හැකියාව නොමැති බව ඉරානයට අවබෝධ වූ විට එය යටත් වීමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම මේ වන විට ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවද අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today