ඉරානය සමඟ පවතින යුද ගැටුම අවසන් කරන කාලය තීරණය කරනු ලබන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු අතර සිදුවන අන්‍යෝන්‍ය එකඟතාවකට අනුව බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ The Times of Israel පුවත්පත සමඟ පැවති දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බවයි.
එම වාර්තා අනුව ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බවත්, යුද්ධය අවසන් කිරීම සම්බන්ධ අවසන් තීරණය “නිවැරදි වේලාවේදී” ගනු ලබන බවත්ය.
එමෙන්ම යුද තත්ත්වය පිළිබඳව ඉදිරි පියවර තීරණය කිරීමේදී දෙරට අතර සමීප සම්බන්ධීකරණය දිගටම පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.