ලෙබනනය වෙත එල්ල කර ඇති ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 394 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම මාධ්‍ය සඳහන් කළේ, මියගිය පිරිස අතර දරුවන් 83 දෙනෙකු සහ කාන්තාවන් 42 දෙනෙකුද ඇතුළත් වන බවයි.
එමෙන්ම ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකුද මෙම ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
ප්‍රහාර හේතුවෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර, ගලවාගැනීමේ සහ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.