Latest News

ඉරාන නාවිකයින්ට මාසයක සහන වීසා

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන නෞකාවලින් මුදාගත් කණ්ඩායමට මාසයක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය ආරක්ෂාව සැපයීමට රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඉදිරියටත් එවැනි තීරණ ගන්නා බවත් එම ක්‍රියාමාර්ග හරහා කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී බවක් හෝ අසාධාරණ පීඩාවක් ඇති නොවන ආකාරයට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
රටට අදාළ ජාත්‍යන්තර සම්මුති සහ නාවික නීති රීති අනුගමනය කරමින් නොබැඳී පිළිවෙතක් යටතේ ඉරාන නාවිකයින් සම්බන්ධයෙන් කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
එමෙන්ම රටේ ජනතාවගේ සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ජනබල වේග ආණ්ඩුව සැලකිලිමත්ව ක්‍රියා කරන බවද ඔහු අවධාරණය කළේය.
ලෝකය පුරා ඇතිවන යුදමය තත්ත්වයන් හේතුවෙන් වක්‍ර බලපෑම් ඇතිවිය හැකි නමුත් ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කරගනිමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අතර 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනවලින් අනතුරුව හිටපු බුද්ධි ප්‍රධානියකු වන සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් බවද ඔහු පෙන්වා දුන්නේය.
දැනට සිදුකර ඇති විමර්ශන අනුව එම ප්‍රහාරය පිළිබඳ පූර්ණ දැනුවත්භාවයක් තිබූ බවට සාක්ෂි හමුවී ඇති බවත්, ඔහු වැරදිකරුවෙක්ද නැද්ද යන්න අධිකරණ ක්‍රියාවලිය මගින් තීරණය කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විපක්ෂයෙන් විවිධ ප්‍රකාශ සිදු වුවද විමර්ශන සඳහා අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට පොලිසියට නීතිමය බලතල පවතින බවත්, මෙහිදී එම නීතිමය ක්‍රියාමාර්ගය භාවිත කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා

World News

Send your contact Details Today