Latest News

ඉරානයට එරෙහි ප්‍රහාර ජාත්‍යන්තර නීතියට විරුද්ධ බවට ස්විට්සර්ලන්තයෙන් චෝදනා

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදු කර ඇති ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ක්‍රියාවන් බව ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍ය මාර්ටින් ෆිස්ටර් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉරානයට එල්ල වූ මෙම ප්‍රහාර ජාත්‍යන්තර නීති පද්ධතියට විරුද්ධ ක්‍රියාවක් ලෙස Federal Council of Switzerland සලකන බවයි.
සිවිල් ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා සටන් වහාම නතර කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම තහනම් කරන ජාත්‍යන්තර නීති කඩ කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය පමණක් නොව ඉරානය ද එවැනි උල්ලංඝන කිරීම්වලට සම්බන්ධ බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
මේ අතර, Lars Klingbeil ද මෙම ගැටුමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් බරපතළ සැක පවතින බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ අදහස අනුව, “මෙම යුද්ධය අපට අයත් එකක් නොවන අතර එයට අපි සම්බන්ධ වීමට සූදානම් නොවෙමු. නීති රීති නොමැතිව ශක්තිවන්තයාගේ බලය පමණක් ක්‍රියාත්මක වන ලෝකයක ජීවත් වීමට අපට අවශ්‍ය නැහැ” යනුවෙන් ඔහු අවධාරණය කර තිබෙනවා.
මේ අතර සස්පාඤ්ඤයද අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදු කරන ප්‍රහාර නීති විරෝධී ක්‍රියා ලෙස හෙළා දැක ඇති බව වාර්තා වනවා.

World News

Send your contact Details Today