Latest News

ඔස්ලෝවේ අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක් – හේතුව ගැන විමර්ශන

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



නෝර්වේ අගනුවර වන ඔස්ලෝ නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල අද (08) අළුයම විශාල පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පිපිරීම සිදුව ඇති හේතුව හෝ එයට වගකිව යුතු පාර්ශ්වය මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔස්ලෝ පොලිසිය සඳහන් කරයි.
වාර්තා අනුව, ඔස්ලෝ නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ දොරටුව අසල මෙම පිපිරීම සිදුව ඇති බව පැවසේ.
කෙසේ වෙතත්, එම සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ලෝ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

World News

Send your contact Details Today