පසුගිය වසරේ නේපාලයේ පැවති “Z පරම්පරාවේ” (Gen-Z) දැවැන්ත විරෝධතා ව්‍යාපාරයෙන් එවකට පැවති රජය පෙරළා දැමීමෙන් අනතුරුව පැවති පළමු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය හිමි කර ගැනීමට 35 හැවිරිදි රැප් ගායක බැලේන්ද්‍ර ෂා (Balendra Shah) සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මැතිවරණය නේපාල දේශපාලනයේ විශාල පෙරළියක් ලෙස සැලකෙන අතර, එරට හිටපු අගමැති ශර්මා කේ.පී. ඕලි (Sharma KP Oli) පරාජයට පත් කරමින් බැලේන්ද්‍ර ෂා මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.
තරුණ පරපුරේ සහයෝගයත් සමඟ එරට දේශපාලන වේදිකාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් මෙම ජයග්‍රහණය හිමිව තිබෙන බවද වාර්තා වේ.