Latest News

IRIS Dena නෞකාවේ බේරාගත් නාවිකයන්ගෙන් 22ක් කොග්ගලට

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



පසුගිය 04 වැනිදා ගාල්ල වරායට නුදුරින් ඇමෙරිකානු ප්‍රහාරයකට ලක්ව මුහුදුබත් වූ IRIS Dena නෞකාවෙන් දිවි ගලවාගත් නාවිකයන් අතරින් සුවය ලැබූ 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
එම නාවිකයන් 35 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. ඔවුන් අතරින් සුවය ලැබූ 22 දෙනා මෙලෙස කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන යාමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ අතර, IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් 84 දෙනෙකුගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පසුගියදා ගාල්ල ජාතික රෝහලේදී සිදුකර තිබේ.
ඉන් අනතුරුව එම දේහයන් ජංගම ශීතාගාරයක තැන්පත් කර ඇති බවද වාර්තා වේ.

World News

Send your contact Details Today