Latest News

දකුණු මුහුදේ නාවික සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් පැකට් 92ක් සොයා ගැනේ

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදාව විසින් ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබේ.
එම යාත්‍රාවේ තිබී හෙරොයින් ලෙස සැක කෙරෙන මත්ද්‍රව්‍ය පැකට් 92ක් සොයාගෙන ඇති අතර, එම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
පසුව සිදු කළ කිරුම් කටයුතු අනුව, එම ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 103.200ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරමින් පවතින බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today