Latest News

ජාත්‍යන්තර කාන්තා දිනය – ශක්තිය, අයිතිවාසිකම් සහ යුක්තිය සැමරීමේ දිනය

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ලෝකයක් නිර්මාණය වන්නේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ මව්කිරි වලින් කියන අද්භූත කතාවක් ඇත. ලෝකය මවන වගේම, ලෝකය ගොඩනැඟීමේ අත්දැකීම් වලටත් සමානව, කාන්තාවන්ගේ ගෞරවය සහ දායකත්වය සැමරීමට වෙන් වූ දිනයක් අද ලෝකය පුරා සමරනු ලබයි – එය ජාත්‍යන්තර කාන්තා දිනයය.
මෙවර කාන්තා දිනය සැමරෙන්නේ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය යන තේමාව යටතේය.
ඉතිහාසය සලකා බැලුවහොත්, 20වන සියවසේ මුල් භාගයේ යුරෝපය සහ උතුරු අමෙරිකාවේ කම්කරු ව්‍යාපාරවල කාන්තාවන්ගේ අයිතිවාසිකම් සදහා පළමුව අවධානය යොමු කර ඇති අතර, 1909 පෙබරවාරි 28 වැනිදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සංවිධානය කරන ලද කාන්තා දින උත්සවය පළමු වරට සිදුවූ කාන්තා සැමරුම ලෙස සටහන් වේ.
1910දී, කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක් සහ දේශපාලන නායකාවක් වූ ක්ලාරා සෙට්කින්, කෝපන්හේගන් නුවර පැවති ජාත්‍යන්තර සමාජවාදී කාන්තා සමුළුවේදී වැඩ කරන කාන්තාවන් වෙනුවෙන් දිනයක් සැමරීමට යෝජනා කළා. නමුත් එම අවස්ථාවේ නිශ්චිත දිනයක් තීරණය වුණේ නැත.
1917 දී රුසියානු විප්ලවයේ කාන්තාවන්ගේ දැවැන්ත භූමිකාවට ගෞරව දැක්වීම සඳහා, 1922දී වී.අයි.ලෙනින් මාර්තු 8 වැනිදා කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය. ඉන්පසු, සියලු කොමියුනිස්ට් රටවල් මාර්තු 8 කාන්තා දිනය සමරන ක්‍රමය ආරම්භ කළා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, 1977 වසරේදී, මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශ කළා. එතැන් පටන්, කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානත්වය සහ යුක්තිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම දිනය සමරනු ලබයි.
නමුත්, අදත් ලෝකයේ විවිධ ප්‍රදේශවල යුද්ධ, මර්දනය සහ දේශපාලන ආතතිය අතර, කාන්තාවන් නීතියේ ආධිපත්‍යයෙන් වෙන්වී සිටින අත්දැකීම් විශාල ප්‍රමාණයකින් පවතී. ගෝලීය වශයෙන් පිරිමි අයිතිවාසිකම් වලින් කාන්තාවන්ට හිමිව ඇත්තේ, සරල වශයෙන් කිවහොත්, සියයට 64ක් පමණයි – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමීක්ෂණ වාර්තාව පෙන්වයි.
කාන්තාවන් ජීවිතයේ සෑම අදියරකදීම විවිධ අභියෝග, ප්‍රචණ්ඩත්ව සහ නොසළකා හැරීම් වලට මුහුණ දෙති. සමීක්ෂණ වාර්තා පෙන්වන්නේ, සමීක්ෂණයට යොදාගත් රටවල් අතර කාන්තාවන්ට යුක්තිය ඉටු කරගැනීමට ඇති බාධා පිරිමියන්ට සාපේක්ෂව 70%කින් වැඩි බවයි.
ක්‍රියාකාරී ගැටුම් පවතින කලාපවල ජීවත් වන කාන්තාවන් සහ ගැහැණු ළමුන් මිලියන 676කට යුක්තිය ලබා ගැනීමට කිසිදු ප්‍රවේශයක් නොමැති බවත්, අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට ක්‍රමවේද නොමැති බවත් වාර්තා වේ. එබැවින්, යුක්තිය නොමැති තැන, අයිතිවාසිකම් යනු හුදෙක් වචන පමණක් බවට පත්වෙයි.
අද, ලෝකයම ජාත්‍යන්තර කාන්තා දිනය සමරන විට, කාන්තාවන්ට යුක්තිය සහ ගෞරව ලබා දෙන සමාජයක් ගොඩනැගීම සියලු පාලකයින්ගේ වගකීම බව අපි යළි යළිත් සිහිපත් කර ගනිමු. 🌸

World News

Send your contact Details Today