කලාපයේ උණුසුම්කාරී වාතාවරණය ලිහිල් කිරීමේ උත්සාහයක් ලෙස අසල්වැසි රටවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති මසූස් පෙසෙෂ්කියන් සිය කණගාටුව ප්‍රකාශ කරමින් සමාව ඉල්ලා තිබේ.
ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ප්‍රහාර හේතුවෙන් ඇතිවූ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා අසල්වැසි රටවල නායකයන්ගෙන් මෙම සමාව ඉල්ලා සිටි බවයි.
එමෙන්ම අනාගතයේදී අසල්වැසි රටවලින් ඉරානයට එරෙහිව කිසිදු ප්‍රහාරයක් සිදු නොවන්නේ නම්, තම රටද එම රටවල් ඉලක්ක කර ප්‍රහාර සිදු නොකරන බව ඔහු අවධාරණය කර තිබේ.
මෙම ප්‍රකාශය කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට ගත් වැදගත් දේශපාලන පියවරක් ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙයි.