බේරාගත් ඉරාන නැවියන් නැවත ඔවුන්ගේ මව්රටට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ අන්තර්ජාතික නීති හා නියමයන්ට අනුකූලව බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ප වසයි.
ඔහු මෙම අදහස් පළ කළේ නව දිල්ලි නගරයේ පැවැති Raisina Dialogue සංවාද මණ්ඩපයේදී එම කරුණ සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඉරාන නැවියන් නැවත යැවීම පිළිබඳ තීරණ ගන්නා විට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබද සම්සමුතිය සහ අනෙකුත් අන්තර්ජාතික නීති රාමු අනුගමනය කරමින් ක්‍රියා කරන බවයි.
එමෙන්ම මෙම කරුණ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව සෑමවිටම ජාත්‍යන්තර නීති රීති පිළිපදිමින් ක්‍රියා කරන බවද ඔහු අවධාරණය කළේය.