අද උදෑසන වන විට දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ තත්ත්වය පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්
අද (මාර්තු 02) උදෑසන පෙරවරු 9.45 වන විට දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කර ඇති ආකාරය පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නවතම දත්ත නිකුත් කර තිබේ.
ඒ අනුව, අද උදෑසන වන විට බෙදා හැර ඇති මුළු ඉන්ධන ප්රමාණයන් පහත පරිදි වේ:
ඉන්ධන බෙදාහැරීමේ දත්ත
| ඉන්ධන වර්ගය | බෙදාහැර ඇති ප්රමාණය (ලීටර්) |
| ඩීසල් | ලීටර් 2,325,349 (ලක්ෂ 23කට අධික) |
| පෙට්රල් | ලීටර් 2,904,000 (ලක්ෂ 29කට අධික) |