දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබේ.
මෙම පියවර ගෙන ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් අනුව බව පොලීසිය සඳහන් කළා.
මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන්, ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කරගැනීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇති බව ද පොලීසිය පවසයි.
එමෙන්ම පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඉන්ධන වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලීසිය අවධාරණය කර තිබේ.
අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර ගැනීමෙන් වළකින්නැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තවද බැරල් සහ බූලි වැනි භාජනවලට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ වන විට රට තුළ දින 37කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග සහ දින 35කට ප්‍රමාණවත් ඩීසල් තොග පවතින බවද බලධාරීන් පෙන්වා දෙයි.