Latest News

මැදපෙරදිග උණුසුම් තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පසු මැදපෙරදිග කලාපය පුරා යුදමය ආතතිය උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා අනුව Brent Crude Oil වර්ගයේ බොරතෙල් මිල සෙසු දිනවලට සාපේක්ෂව ස 10%කින් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට එහි එක් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 සීමාවට ළඟා වී තිබේ.
දැනට පවතින ආරක්ෂක ආතතිය තවදුරටත් උත්සන්න වුවහොත්, ඉදිරි කාලයේදී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 දක්වාත් ඉහළ යා හැකි බව වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ වැදගත් නාවික මාර්ගයක් වන හෝමුස් කලාපය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා ඇතිවීමේ අවදානම මෙම මිල වැඩිවීමට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් වේ.
ඒ හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළද මේ වන විට දැඩි අවධානයෙන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

World News

Send your contact Details Today