Latest News

ඕමාන මුහුදේ ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක් – කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකුතුවාල ලබයි

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕමාන මුහුදු ප්‍රදේශයේ ඉන්ධන රැගෙන ගමන් කළ නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පලාවු ධජය යටතේ ධාවනය වූ එම නෞකාවට මෙම ප්‍රහාරය එල්ල වූ බවත්, එහි එම අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සිටි බවත් සඳහන් වේ.
එම ප්‍රහාරයෙන් නෞකාවේ සේවකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, ජීවිත හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.
ඕමාන සමුද්‍ර ආරක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, නෞකාවේ සිටි සියලුම දෙනා ආරක්ෂිතව මුදාගත් බවයි.
මේ අතර ඕමානය ආසන්නයේ පිහිටි ඩුක්ම් වරාය නගරය ඉලක්ක කර ද ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එම සිදුවීම දැඩි ලෙස හෙළා දකිමින් කටාරය සඳහන් කරන්නේ, මෙය ඕමාන්රාජ්‍යයේ ස්වෛරීභාවයට එල්ල වූ ප්‍රහාරයක් බවයි.
එය ඉතාමත් බියගුලු ක්‍රියාවක් ලෙසද කටාර් පාර්ශවයෙන් අවධාරණය කර තිබේ

World News

Send your contact Details Today