.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනී ඇමරිකානු ප්‍රහාර හමුවේ මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය මීට සුළු මොහොතකට පෙර පිළිගත්තේය.
පැය පහකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය ප්‍රකාශ කළත් එය ඉරාන රජයෙන් ප්‍රතික්ෂේප කළ අතර එහෙත් අවසානයේ එය ඔවුන් තහවුරු කළේය.උත්තරීතර නායකයාට අමතරව ඔහුගේ දියණිය,බෑණා මුනුපුරාද මිය ගිය බව වාර්තා වේ.1939 උපන් කමේනී එරට 1981 සිට 1989 දක්වා ජනාධිපති ලෙස කටයුතු කළ අතර ඉන් පසුව එවකට උත්තරීතර නායකයා වූ අල් කොමේනී ගිය පසු අල් කමේනී එරට උත්තරීතර නයාකයා බවට පත්විය.ඒකාධිපති පාලාකයකු වූ ඔහු 2025 වසරේ පමණක් එරට මරණ දඬුවම් 1000 ක් ක්‍රියාත්මක කළ අයකු බව සඳහන් වේ.