ඉරානයේ හෝර්මොස්ගන් පළාතට අයත් මිනාබ් ප්‍රාන්තයේ පිහිටි බාලිකා ප්‍රාථමික පාසලක් වෙත ඊශ්‍රායල් විසින් එල්ල කළ බව කියන ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙකු රාජ්‍ය IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වෙත පවසා තිබේ.
එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව මොහොමඩ් රඩ්මෙහර් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට ඉරානය තුළට ඇතුළු වීමට වීසා ලබා ගැනීම බොහෝ අවස්ථාවලදී සීමා කර ඇති බැවින්, රට තුළ සිදුවන සිදුවීම් පිළිබඳ නිවැරදි තොරතුරු රැස් කිරීම අපහසු වී ඇත.
ඊට අමතරව මේ වනවිට ඉරානය තුළ සම්පූර්ණ අන්තර්ජාල විසන්ධි කිරීමක්ද වාර්තා වන අතර, මීට පෙර සයිබර් ප්‍රහාරයක්ද එල්ල වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.