Latest News

අබුඩාබි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ආසියානු ජාතිකයෙකු මරුට

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

UAE ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ තම රට ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව රටේ ගුවන් ආරක්ෂක පද්ධති ඉහළ කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වී මිසයිල කිහිපයක් සාර්ථකව අවහිර කිරීමට සමත් වී තිබේ.
කෙසේ වෙතත් එම මිසයිලවල සුන්බුන් අබුඩාබි නගරයේ නේවාසික ප්‍රදේශයකට වැටීමෙන් කිසියම් දේපළ හානි සිදුව ඇති අතර එහිදී ආසියානු ජාතිකයෙකු මරණයට පත්ව ඇති බව සඳහන් වේ. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැත.
මෙම ප්‍රහාරය “භයානක උත්සන්න වීමක් සහ බියගුළු ක්‍රියාවක්” ලෙස හෙළා දකින බවත්, එයට සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා තම රටට සම්පූර්ණ අයිතියක් පවතින බවත් UAE බලධාරීන් අවධාරණය කරයි.
එමෙන්ම ඇමෙරිකාව ගුවන් හමුදාව, අබුඩාබි නගරයට දකුණින් පිහිටි අල් දෆ්රා ගුවන් හමුදා කඳවුරේ සිට එරට ගුවන් හමුදාව සමඟ එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today