Latest News

මැදපෙරදිග උණුසුම් වෙයි – ඉරානයේ ප්‍රහාර හේතුවෙන් රටවල් කිහිපයක් ගුවන් කලාප වසයි

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක්ව ඉරානය වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පිහිටි UAE හමුදා කඳවුරු ඇති රටවල් කිහිපයකට ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා අනුව පළමු ප්‍රහාරය බහරේන් හි අගනුවර වන මනාමා නගරයේ පිහිටි අමෙරිකානු හමුදා ස්ථාන ඉලක්ක කරගෙන සිදුකර ඇති බව සඳහන්ය.
ඊට පසුව UAE හි අගනුවර වන අබුඩාබි වෙත ද මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව වාර්තා වේ.
තවද කුවේට් සහ සවුදි අරාබි යන රටවල් වෙතද ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් කටාර්, කුවේට් UAE සහ සවුදි අරාබිය යන රටවල් සිය ගුවන් කලාප තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

World News

Send your contact Details Today