Latest News

පියංකර ජයරත්නට එරෙහි නඩුවක සාක්ෂි විභාගය මාර්තු 24 කැඳවීමට නියෝග

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 දින කැඳවීමට කොළඹ මහධිකරණය විසින් නියෝග කර ඇත.
මෙම නඩුව අද කොළඹ මහධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, නඩුවේ පළමු සාක්ෂිකරුට මාර්තු 24 දින අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදීමට නියෝග කරමින් සිතාසි නිකුත් කිරීමට ද උපදෙස් ලබාදී තිබේ.
2014 වසරේ මැයි දින පෙළපාලියට සහභාගී වූ ආධාරකරුවන්ට දිවා ආහාරය සැපයීම සඳහා කළ ඉල්ලීමක් අනුව SriLankan Catering සමාගම විසින් රුපියල් 320,000ක මුදලක් භාවිතා කිරීමට අවසර දීම හේතුවෙන් රජයට අලාභයක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන් වේ.
එම සිද්ධිය හරහා ‘දූෂණය’ නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

World News

Send your contact Details Today