සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැක කෙරෙන අරුමහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ අද (27) උදෑසන විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.
රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සම්බන්ධතා සහ අන්තර්ජාතික පොලිසියේ (Interpol) මැදිහත්වීමෙන් අනතුරුව ඔහු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
2024 දෙසැම්බර් 9 දින ඇප ලබා ගැනීමෙන් පසු මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලාගිය බවට සඳහන් වන ‘පොඩි ලැසී’ 2025 ජනවාරි මාසයේදී මුම්බායි නගරයේදී එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව වාර්තා වේ.
ඒ අනුව අද (27) අලුයම 5.55ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-142 ගුවන් යානයෙන් මුම්බායි සිට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ඔහු රැගෙන එනු ලැබීය.
ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව දැඩි ආරක්ෂාව යටතේ ඔහු ගෙන ගොස් වැඩිදුර විමර්ශන සඳහා ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට භාර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.