Latest News

ශ්‍රී ලංකාවට ජපානයෙන් ලැබෙන නොසැලෙන සහයෝගය ප්‍රශංසාවට

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වයන් අතර ජපානය ලබාදෙන ස්ථිර සහයෝගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රශංසාවට ලක් කළේය.
ජපාන ජාතික දින උත්සවය ඊයේ (25) කොළඹදී පැවැත්වූ අතර, එම අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජපානය වෙත උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් ආපදා තත්ත්වය හමුවේ සහන කටයුතු සඳහා ජපානය ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ආධාරය හා එරටින් එවනු ලැබූ හදිසි වෛද්‍ය කණ්ඩායම, දෙරට අතර පවතින මානුෂීය බැඳීම් සහ ශක්තිමත් හවුල්කාරිත්වය පැහැදිලිව නිරූපණය කරන බවද ඔහු අවධාරණය කළේය.
1972දී ආරම්භ වූ ‘නොරිටාකේ’ (Noritake) හවුල්කාරිත්වය සමඟ ජපන් ආයෝජන ශ්‍රී ලංකාව වෙත ඇදී එමින් දශක පහකට අධික කාලයක් තුළ ක්‍රමයෙන් පුළුල් වී ඇත. වර්තමානයේ ජපානය ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සපයන ප්‍රමුඛ රටක් ලෙස පිළිගැනේ.
ආර්ථික ක්ෂේත්‍රයට සීමා නොවී, ආරක්ෂක, අධ්‍යාපන, සංස්කෘතික සබඳතා ඇතුළු විවිධ අංශවල ද මෙම දෙරටේ සහයෝගීතාවය ව්‍යාප්ත වී තිබේ.
ඉදිරියටද ශ්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වෙමින් දෙරටටම පොදු වාසි රැසක් උදා වනු ඇති බවට විශ්වාසය පළ කෙරේ.

World News

Send your contact Details Today