ලෝකය පුරාමත් ශ්‍රී ලංකාවේත් වයස අවුරුදු 30 සිට 50 දක්වා වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින් අතර මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
මීට පෙර මෙම රෝග තත්ත්වයන් වැඩි වශයෙන් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර දක්නට ලැබූ බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.
මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම කරුණු පැහැදිලි කළාය.