ඉල්ලීම් අටක් පදනම් කරගනිමින් අද (26) දින පැය හයක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විදුලි වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.
සිය ගැටලු පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් වෙත දැනුම් දුන්නද මෙතෙක් නිසි විසඳුම් නොලැබුණු බව එම සමිති සඳහන් කළේය. ඒ අනුව අද මධ්‍යහන 12.00 සිට පස්වරු 6.00 දක්වා දිවයින පුරා මෙම සංකේත වර්ජනය පැවැත්වෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසීය.
එසේම, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රතිඵල මත ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කරන බව රේගු වෘත්තීය සමිති ද ප්‍රකාශ කළේය. රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ගීතාංජන මඩපාත මහතා සඳහන් කළේ පසුගිය අඟහරුවාදා සිට කළු පටි පැලැඳ රාජකාරී ඉටු කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.