පෘතුගාලයේ රාජ්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය Paulo Rangel මහතා 2026 පෙබරවාරි 24 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
එහිදී පැවති සාකච්ඡාවලදී සංචාරක ක්ෂේත්රයේ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර, අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති අනෙකුත් ක්ෂේත්රවල ද සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ අදහස් හුවමාරු විය. දේශගුණික විපර්යාස හා ඒවායේ බලපෑම් සම්බන්ධයෙන් ද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එවැනි අවදානම්වලට මුහුණ දීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගවල වැදගත්කම අවධාරණය කෙරිණි.
පර්යේෂණ, නවෝත්පාදන සහ තාක්ෂණික සංවර්ධනය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කර ගැනීම සඳහා ඇති හැකියාවන් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
මෙම හමුවට ශ්‍රී ලංකාවේ පෘතුගාල තානාපති João Ribeiro de Almeida මහතා, පෘතුගාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය දේශපාලන අධ්යක්ෂ ආචාර්ය Alexandra Bilreiro මහත්මිය සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය Filipe Ramalho Ortigão මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්වූහ. ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.