විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යන්නට ශ්‍රී ලංකාවට තිබූ අවසන් හැකියාව අද (25) දින නැතිවිය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තීරණාත්මක තරගයේදී නවසීලන්තය තැබූ ලකුණු 169ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් අහිමිව ලකුණු 107ක් පමණක් ලබාගැනීමට හැකිවිය.
මෙම පරාජයත් සමඟ සුපිරි 8 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබුණද, අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකාවට අත්හැරීමට සිදුවිය.