Latest News

ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරයි

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට සවස 6 දක්වා පැය 6ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
සියලු සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින්, ලංවිම වෘත්තීය සමිති 21ක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත අද (25) ලිපියක් යොමුකරමින් මෙම තීරණය දැනුම්දී තිබේ.
එම ලිපිය මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ, ඉදිරිපත් කළ ඉල්ලීම් 8කට මෙතෙක් කිසිදු සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවයි. ඒ හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාම හැර වෙනත් විකල්පයක් නොමැති බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි.
තවද, සාධාරණ හා යුක්තිසහගත ලෙස සලකන ඉල්ලීම් දිගින් දිගටම කල්දැමීම මෙම සංකේත වැඩ වර්ජනය දියත් කිරීමට හේතු වූ බවද එහි දැක්වේ.
මෙම වැඩ වර්ජනයෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල සඳහා සේවකයින් හෝ වෘත්තීය සමිති වග නොකියන බවත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා හා වත්මන් ආණ්ඩුව භාරගත යුතු බවත් අදාළ ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

World News

Send your contact Details Today