Latest News

ඩේසි ෆොරස්ට් නඩුවකින් නිදහස්

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටි ඩේසි ෆොරස්ට් මහත්මිය එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ අද කැඳවූ අතර, විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බව ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ මීට පෙර දක්වා තිබුණි. ඒ අනුව ඇයගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර තිබුණි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මගින් සකස් කළ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. එම වාර්තාව අනුව, ඩේසි ෆොරස්ට් මහත්මිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බව වෛද්‍ය නිර්දේශ මගින් සඳහන් කර ඇතැයි ද අධිකරණයට දැනුම් දෙන ලදී.
ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරුවරයා, ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා වලින් ඇය නිදහස් කිරීමට නියෝග කළේය.
කෙසේ වෙතත්, චෝදනා පත්‍රය සංශෝධනය කර පළමු විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඉදිරි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව මාර්තු මස 27 වනදා කැඳවන ලෙසද අධිකරණය නියෝග කළේය.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

World News

Send your contact Details Today