Latest News

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ CID භාරයට

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
2019 අප්‍රේල් 21 වන දිනට යෙදුණු පාස්කු ඉරුදිනයේදී සහරාන් හෂීම් නායකත්වය දැරූ අන්තවාදී කණ්ඩායමක් විසින් දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. එම ප්‍රහාරයන් අනතුරුව විවිධ අංශ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් හා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් මගින්ද කරුණු අනාවරණය කරගෙන තිබුණි.
ඒ අනුව අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති අතර, අදාළ නඩු විභාගය මේ වනවිට දිනපතා පැවැත්වෙමින් පවතී.
මෙම පසුබිම තුළ, පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන සම්බන්ධතාවයක් ඇති බවට දිගින් දිගටම ඇතැම් පාර්ශ්ව චෝදනා කර තිබූ අතර, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඒ සම්බන්ධ විමර්ශන කඩිනම් කරනු ලැබීය.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව විසින් විකාශය කළ “Sri Lanka’s Easter Bombings; Dispatches” නම් වාර්තාමය වැඩසටහන මගින්ද, සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් අතර පැවති බව කියන හමුවක් පිළිබඳ චෝදනා ඉදිරිපත් කෙරුණි. ඒ සම්බන්ධයෙන්, කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ සහ දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටින අසාද් මව්ලානා විසින් කළ ප්‍රකාශයද වැඩි අවධානයක් දිනා ගත්තේය.
තවද, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් CID විසින් සිදුකළ රහසිගත විමර්ශන පිළිබඳව පසුගිය කාලයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටද වාර්තා ඉදිරිපත් කර තිබුණි.
මෙවන් වාතාවරණයක් මධ්‍යයේ, සුරේෂ් සලේ මහතා අද පෙරවරුවේ පෑලියගොඩ ප්‍රදේශයේදී CID නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වනවිට CID භාරයේ රඳවාගෙන සිටින බව සඳහන් වේ

World News

Send your contact Details Today