Latest News

2026 දී සංචාරක පැමිණීම් ලක්ෂ 5 සීමාව පසුකරයි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 5 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව, 2026 ජනවාරි 01 සිට පෙබරවාරි 22 දක්වා මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් ප්‍රමාණය 505,751 ක් බවයි වාර්තාවක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරන්නේ.

2026 පෙබරවාරි 01 සිට 22 දක්වා කාල පරිච්ඡේදය තුළදී සංචාරකයන් 228,424 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය හා චීනය යන රටවලින් වැඩිම සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

World News

Send your contact Details Today