Latest News

Tripadvisor ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට ගෞරවයක් – මිරිස්ස සහ බෙන්තොට ආසියාවේ හොඳම වෙරළ 10 අතරට

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ලොව ප්‍රසිද්ධ සංචාරක වේදිකාවක් වන Tripadvisor විසින් නිකුත් කළ 2026 වසරේ “Travelers’ Choice Awards – Best of the Best” ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් ඇතුළත් වී ඇත.
මෙම ලැයිස්තුවේ මිරිස්ස වෙරළ තීරය 5 වන ස්ථානයට පත්ව ඇති අතර, බෙන්තොට වෙරළ තීරය 7 වන ස්ථානය හිමිකරගෙන තිබේ.
Tripadvisor සඳහන් කරන්නේ “Best of the Best” සම්මානය පිරිනමනු ලබන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ගුණාත්මකභාවය සහ පරිශීලක ප්‍රසාදය මත බවයි. පසුගිය මාස 12 තුළ ලොව පුරා සංචාරකයින් විසින් ලබාදුන් විශාල සමාලෝචන ප්‍රමාණය සහ ශ්‍රේණිගත කිරීම් මෙහිදී මූලිකව සැලකිල්ලට ගෙන ඇත.
දකුණු වෙරළ තීරයේ පිහිටි මිරිස්ස, ස්වභාවික සුන්දරත්වය, නිසල ජලය සහ විවේකී වාතාවරණය හේතුවෙන් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව ඇත. සර්ෆින් සඳහා සුදුසු ස්ථාන මෙන්ම Coconut Tree Hill ආශ්‍රිත හිරු බැස යන දර්ශන Tripadvisor හි විශේෂ අවධානය දිනාගෙන තිබේ.
එසේම, බෙන්තොට වෙරළ තීරය ජල ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධ ගමනාන්තයක් ලෙස හඳුන්වා ඇත. සර්ෆින් සහ අනෙකුත් ජල ක්‍රීඩා පහසුකම්, සමඟින් දිගු සුදු වැලි තලාව සංචාරක ප්‍රසාදයට හේතු වී ඇත.


2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් – Top 10


Banana Beach (Phuket) – තායිලන්තය
Kelingking Beach (Nusa Penida) – ඉන්දුනීසියාව
Radhanagar Beach (Havelock Island) – ඉන්දියාව
Palolem Beach (Canacona) – ඉන්දියාව
Mirissa Beach – ශ්‍රී ලංකාව
White Beach (Panay Island) – පිලිපීනය
Bentota Beach – ශ්‍රී ලංකාව
Railay Beach (Krabi) – තායිලන්තය
Nusa Dua Beach (Bali) – ඉන්දුනීසියාව
Cenang Beach (Langkawi) – මැලේසියාව
මෙම ශ්‍රේණිගත කිරීම් හරහා ශ්‍රී ලංකාවේ වෙරළ සංචාරක කර්මාන්තයට ජාත්‍යන්තර මට්ටමින් තවත් ගෞරවයක් හිමි වී ඇති බව සංචාරක ක්ෂේත්‍රයේ විචාරකයින් පෙන්වා දෙයි.

World News

Send your contact Details Today