Latest News

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 51 පරාජයක්

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 51ක පරාජයක් අද (22) ශ්‍රී ලංකාවට හිමිවිය.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී එංගලන්තය ලබාදුන් ලකුණු 147ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16.4කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය අඛණ්ඩව වාර්තා කළ 12වන විස්සයි20 ජය ලෙස සටහන් විය.
එමෙන්ම ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 95, ශ්‍රී ලංකාවේ දී කණ්ඩායමක් වාර්තා කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකේ.
තවද, විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේදී එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ 6වන පරාජයද මෙය වෙයි. දෙරට අතර මෙතෙක් පැවති ලෝක කුසලාන තරග 7කින් ශ්‍රී ලංකාව ජයගැනීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණි.
2012 ලෝක කුසලානයෙන් පසු එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමි නොවූ අතර, වසර 14කින් අපේක්ෂා කළ ජය මෙවරත් ලබාගැනීමට නොහැකි විය.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙරද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ලෙස ජයගැනීමට එංගලන්තය සමත්ව තිබුණි.
එම තරගාවලියේ තෙවන තරගයේදී එංගලන්තය ලබාදුන් ලකුණු 129ක ඉලක්කයද ශ්‍රී ලංකාවට සම්පූර්ණ කිරීමට නොහැකි විය.

World News

Send your contact Details Today