Latest News

පැරණි නීති හා අණපනත් යාවත්කාලීන කිරීමට රජයේ අවධානය

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙරට දිගුකාලීනව ක්‍රියාත්මක වන විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ නීති නැවත විමර්ශනය කර සංශෝධනය අවශ්‍ය නීති හා අණපනත් යාවත්කාලීන කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය නිලධාරීන් සඳහා නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වෙනුවෙන් පැවැති සමාරම්භක සැසිය අමතමිනි.
දැනට ක්‍රියාත්මක නීති කිහිපයක් සරල කර සාමාන්‍ය ජනතාවට පහසු සේවා ප්‍රවේශයක් ලබාදීම අරමුණු කරගනිමින් ඒවා නව ආකාරයකින් හඳුන්වා දීමට රජය අවධානය යොමු කර ඇති බවද ඔහු පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම් අවස්ථා දෙකකදී මෙම කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් අවශ්‍ය අනුමැතිය ලබාදී ඇති බවයි. එමෙන්ම විවිධ අමාත්‍යාංශ සහ ක්ෂේත්‍ර 13ක් නියෝජනය කරන උපකමිටු වෙත ඉදිරි කටයුතු සඳහා නිර්දේශ ලබාදී ඇති බවද හෙතෙම කියා සිටියේය.
තවද, මෙරට නීති පද්ධතියේ ඇතැම් නීති බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා පැමිණෙන පැරණි නීති බවද ඔහු සිහිපත් කළේය. කෙසේ නමුත් නීති පැරණි වීම පමණින් ඒවා ඉවත් කිරීම යෝග්‍ය නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒවායේ සාර්ථක ලක්ෂණ රැකගනිමින් කාලීන තත්ත්වයන්ට ගැළපෙන පරිදි නීති, අණපනත් සහ රෙගුලාසි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පවතින බවද අවධාරණය කළේය.

World News

Send your contact Details Today