අද (22) උදෑසන 7.30ට පමණ ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්‍රාගාමී දුම්රිය සමඟ කැබ් රථයක් ගැටීමෙන් එම කැබ් රථයේ රියදුරු දැඩි තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පයාගල පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය වූ දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවත්, එම ස්ථානයේ ආරක්ෂිත ගේට්ටුවක් ද ස්ථාපිත කර නොතිබූ බවත් තොරතුරු අනාවරණය වේ.
දුම්රියට ගැටී ඇත්තේ යාබද ඉදිකිරීම් ව්‍යාපෘතියක සේවය කරන පුද්ගලයෙකු භාවිත කළ කැබ් රථයක් බව වාර්තා වන අතර, ගැටීමෙන් පසු එම රථය මීටර් පනහකට ආසන්න දුරක් ඇදී ගොස් තිබේ.
මෙම අනතුරෙන් කැබ් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවට ද වාර්තා වෙයි.