Latest News

ශ්‍රී ලාංකික ‘Influencer’ කෙනෙකු කැනඩාවේදී අත්අඩංගුවට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පොදු ස්ථානවල සිටින පුද්ගලයින් ඔවුන්ගේ අවසරයකින් තොරව වීඩියෝ කරමින් විවිධ හිරිහැර සිදුකළ බවට චෝදනා ලැබූ 45 හැවිරිදි ශ්‍රී ලාංකික ‘සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු’ (Influencer) ටොරොන්ටෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධමය හිරිහැර කිරීම් (Criminal Harassment) සම්බන්ධ චෝදනා හතරක් මොහුට එරෙහිව ගොනු කර ඇත.

පොලිස් වාර්තාවලට අනුව, මෙම පුද්ගලයා 2025 මැයි මාසයේ සිට අවස්ථා කිහිපයකදීම මහජනයාට අපහසුතාවයක් වන අයුරින් හැසිරී ඇත.

2025 ජුනි මාසයේදී උත්සවයකට සහභාගී වූ කාන්තාවක් වීඩියෝ කර ඇති අතර, එය නතර කරන ලෙස ඉල්ලා සිටි විට ඇය සමග ගැටුම්කාරී ලෙස හැසිරී ඇත. එමෙන්ම මැයි මාසයේදී රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් නිලධාරිනියකගේ පෙනුම විවේචනය කරමින් ඇයව වීඩියෝ කර ඇති බව ද සඳහන් වේ.

අගෝස්තු මාසයේදී ටොරොන්ටෝ ප්‍රවාහන සේවයේ (TTC) සේවකයෙකු වීඩියෝ කරමින් ඔහුගේ ජාතිය සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකර ඇත.

සැප්තැම්බර් මාසයේදී ‘ඩේවිඩ් පෙකෝට්’ චතුරශ්‍රයේ පෝලිමක සිටි පුද්ගලයෙකු වීඩියෝ කරමින් ඔහු සමග ද බහින්බස් වීමක පැටලී තිබේ.

2025 දෙසැම්බර් 10 වැනිදා මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුගිය පෙබරවාරි 4 වැනිදා ඔන්ටාරියෝ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. කැනේඩියානු නීතියට අනුව මෙවැනි අපරාධමය හිරිහැර කිරීම් සම්බන්ධ චෝදනාවලට වසර 10ක් දක්වා සිරදඬුවම් නියම විය හැකිය.

සැකකරුගේ ඡායාරූපය ප්‍රසිද්ධ කර ඇති ටොරොන්ටෝ පොලිසිය, මොහුගෙන් මෙලෙස හිරිහැරයට පත්වූ තවත් පුද්ගලයින් සිටී නම් වහාම තමන්ට හෝ ‘Crime Stoppers’ ආයතනයට තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

World News

Send your contact Details Today