Latest News

ලංගම ඉතිහාසය අලුතෙන් ලියවෙයි

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) වසර 67ක ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රථම වරට කොන්දොස්තරවරියන් සේවයට බඳවා ගැනීම අද (06) සිදුකෙරුණි.

ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකදී අලුතින් බඳවාගත් කොන්දොස්තරවරියන් 20 දෙනෙකු සඳහා පත්වීම් ලිපි පිරිනැමීම සිදු විය.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම සේවයට එක්වන කාන්තාවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද නව නිල ඇඳුමක් ද මෙහිදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.

ලංගම ආරම්භයේ සිට මේ දක්වා කොන්දොස්තර තනතුර පිරිමි පාර්ශවයට පමණක් සීමා වී තිබූ අතර, මෙම පියවර හරහා පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ රැකියා සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අවස්ථාව හිමිවන බව බලධාරීන් අවධාරණය කළහ.

මෙම නව පත්වීම්ලාභිනියන් ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා තෝරාගත් ඩිපෝ හරහා සිය සේවය ආරම්භ කිරීමට නියමිතය.

World News

Send your contact Details Today