Latest News

ශ්‍රී ලංකාවේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති “පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් (අහෝසි කිරීමේ) පනත් කෙටුම්පත” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අද (පෙබරවාරි 6) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කරන ලදී.

මෙම පනත් කෙටුම්පතේ අඩංගු කිසිදු ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කිරීමට බාධාවක් නොමැති බව අධිකරණය දන්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියට අනුව මෙම තීන්දුව කථානායකවරයා වෙත යොමු කර තිබුණි.

මෙම වසරේ ජනවාරි මාසයේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු වන්නේ දැනට ක්‍රියාත්මක පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත යටතේ මන්ත්‍රීවරුන්ට හිමිවන විශ්‍රාම වැටුප් හිමිකම් අහෝසි කිරීම සහ මන්ත්‍රීවරුන්ගේ අඹුසැමියන්ට හිමිවන විශ්‍රාම වැටුප් ප්‍රතිලාභද සහමුලින්ම නතර කිරීමයි.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ සහ නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබූ අතර, පසුව එය අධිකරණය හමුවේ අභියෝගයට ලක්විය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවත් සමඟ මන්ත්‍රී විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමේ නීතිමය බාධාවන් ඉවත් වී තිබේ.

World News

Send your contact Details Today