Latest News

ඕස්ට්‍රේලියාවේ ගාන්ධි පිළිමය අතුරුදන්

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝවිල් (Rowville) හි පිහිටි මහත්මා ගාන්ධිතුමාගේ ලෝකඩ පිළිමය කපා දමා සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියානු රජය විසින් ඕස්ට්‍රේලියානු බලධාරීන් වෙත සිය දැඩි විරෝධය පළ කර තිබේ.

ඕස්ට්‍රේලියානු ඉන්දියානු ප්‍රජා මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබූ කිලෝග්‍රෑම් 426ක් බරැති මෙම සුවිශාල ලෝකඩ පිළිමය ජනවාරි 12 වැනිදා අලුයම සොරකම් කර ඇති බව වාර්තා වේ.

සොරකම් කරන්නන් විසින් ‘ඇන්ගල් ග්‍රයින්ඩරයක්’ (Angle Grinder) භාවිතා කර පිළිමය එහි පාදමෙන් කපා ඉවත් කර ඇති අතර, එහි ඉතිරිව ඇත්තේ පිළිමයේ පියයුගල (පාද) පමණි.

සොරකම් කරන ලද පිළිමය කොටස්වලට කපා රැගෙන ගොස් ඇති බවට ද සැක කෙරේ.

මෙම පිළිමය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ශක්තිමත් සබඳතාවයේ සංකේතයක් ලෙස නවදිල්ලියේ ඉන්දීය සංස්කෘතික සබඳතා කවුන්සිලය (ICCR) විසින් පරිත්‍යාග කරන ලද්දකි.

මෙය 2021 වසරේදී ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

විවෘත කර දිනක් ගත වීමටත් පෙර 2021 නොවැම්බර් මාසයේදී ද මෙම පිළිමයට හානි කිරීමට පිරිසක් උත්සාහ කර තිබුණි.

බටහිර රටවල ඉන්දීය විරෝධී මතවාද පතුරුවන ‘ඛලිස්ථාන’ (Khalistan) අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙයට හේතු වන්නට ඇති බවට සැක පළ කෙරේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා පවසා සිටියේ මෙය දැඩි ලෙස හෙළා දකින බවයි.

වහාම පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, පිළිමය නැවත සොයා දෙන ලෙසත් ඉන්දියාව ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇත.

World News

Send your contact Details Today