Latest News

ප්‍රකට ‘Nike’ සමාගමට එරෙහිව අමෙරිකානු රජයෙන් දැඩි පියවරක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නයික් (Nike) සමාගමට එරෙහිව ඇමෙරිකානු රජය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ තම ආයතනය තුළ ක්‍රියාත්මක වන “විවිධත්වය සහ ඇතුළත් කරගැනීමේ” (Diversity and Inclusion) ප්‍රතිපත්ති හරහා සුදු ජාතික සේවකයින්ට වෙනස්කම් සිදුකළ බවට එල්ල වන චෝදනා මතයි.

අමෙරිකානු සමාන රැකියා අවස්ථා කොමිසම (EEOC) ප්‍රකාශ කළේ, සේවකයින් බඳවා ගැනීම, උසස්වීම් ලබාදීම සහ සේවයෙන් ඉවත් කිරීමේදී සුදු ජාතිකයන්ට එරෙහිව “සැලසුම් සහගත වාර්ගික වෙනස්කම් කිරීම්” සිදුවී ඇති බවට සැක කරන බවයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස Nike සමාගමට අවස්ථා කිහිපයකදී දන්වා තිබුණද, ඔවුන් එය මගහැර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එම තොරතුරු ලබාදීමට සමාගමට බල කරන ලෙස ඉල්ලමින් EEOC ආයතනය මේ වන විට අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

විශේෂයෙන්ම සේවකයින් සේවයෙන් ඉවත් කිරීමේදී (Layoffs) භාවිතා කළ නිර්ණායක, විධායක නිලධාරීන්ගේ වැටුප් නියම කිරීමේ ක්‍රමවේද,
සීමාවාසික පුහුණු සහ නායකත්ව සංවර්ධන වැඩසටහන් සඳහා පුද්ගලයන් තෝරාගත් ආකාරය යන කරුණු කෙරෙහි විමර්ශකයන්ගේ අවධානය යොමු වී තිබේ.

EEOC හි සභාපතිනී ඇන්ඩ්‍රියා ලූකස් (Andrea Lucas) ප්‍රකාශ කළේ ඇමෙරිකානු විරෝධී වෙනස්කම් කිරීමේ නීතිය සියලුම ජාතීන්ට එක හා සමානව ආරක්ෂාව සලසන බවයි.

“ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් නීති බලාත්මක කිරීමට ජනාධිපති ට්‍රම්ප් දක්වන කැපවීමට පින්සිදු වන්නට, අපි දැන් ඕනෑම ජාතියකට සිදුවන වෙනස්කම් කිරීම් දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා,” යැයි ඇය සඳහන් කළාය.

මෙම සිදුවීම වත්මන් ට්‍රම්ප් පරිපාලනය විසින් ආයතන තුළ පවතින DEI (Diversity, Equity, and Inclusion) ප්‍රතිපත්ති හකුලා ගැනීමට ගන්නා උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මෙම DEI ප්‍රතිපත්ති මගින් සුදු ජාතික සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ට්‍රම්ප් රජයේ ස්ථාවරය වී ඇත.

කෙසේවෙතත් ඔරෙගන් ප්‍රාන්තයේ පිහිටි නයික් මූලස්ථානය මේ දක්වා මෙම චෝදනා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

World News

Send your contact Details Today