1992-1995 කාලසීමාවේ බොස්නියාවේ පැවති යුද සමයේදී, මුදල් ගෙවා සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ බිහිසුණු “විනෝදාංශයක” නිරත වූ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඉතාලි බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විදෙස් පුවත් සේවා වාර්තා කරන පරිදි, මෙම පරීක්ෂණයේදී හඳුනාගත් පළමු සැකකරු වන්නේ උතුරු ඉතාලියේ පෝර්ඩෙනෝන් (Pordenone) ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි හිටපු ට්‍රක් රථ රියදුරෙකි.
විමර්ශන ආරම්භ කර වසරකට පසු හඳුනාගත් මෙම 80 හැවිරිදි පුද්ගලයාට එරෙහිව සැලසුම් සහගත මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
ඔහු සෘජුවම වෙඩි තැබීම් සිදු කළේද නැතහොත් මෙම බිහිසුණු චාරිකා සඳහා පැමිණි පුද්ගලයින්ට ප්‍රවාහන හා ලොජිස්ටික් පහසුකම් සැපයූවේද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැත.
පෙබරවාරි 09 වැනිදා ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින ලෙස ඉතාලි නීති අංශ ඔහුට නියෝග කර ඇති අතර, දැනට ඔහු නිදහසේ පසුවන බව වාර්තා වේ.