Latest News

ඕස්ට්‍රේලියාවේ ළමුන්ට තහනම් වුණ දේ ඉන්දියාවේ ළමුන්ටත් ඉක්මනින්ම තහනම් වන ලකුණු

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරමින්, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ හැකියාව පිළිබඳව ඉන්දියාවේ ප්‍රාන්ත රජයන් කිහිපයක් සහ මධ්‍යම රජයේ අවධානය යොමු වී තිබේ.

මෑතකදී ඔස්ට්‍රේලියාව විසින් වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් පැනවූ දැඩි නීතිය කෙරෙහි ඉන්දීය බලධාරීන්ගේ විශේෂ උනන්දුවක් යොමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව ඉන්දියාවේ දකුණුදිග ප්‍රාන්ත දෙකක් දැනටමත් මෙම තහනම ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටී.

ඒ පහත පරිදියි…

ආන්ද්‍රා ප්‍රදේශ්: ලෝක මට්ටමේ පවතින නීතිමය රාමු අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල කණ්ඩායමක් පත් කර ඇති අතර මෙටා (Meta), එක්ස් (X) සහ ගූගල් (Google) වැනි සමාගම් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.

කර්නාටක: බැංගලෝර් නගරය කේන්ද්‍ර කරගනිමින් කර්නාටක රජය “ඩිජිටල් විෂහරණ” (Digital Detox) වැඩසටහන් ආරම්භ කර ඇති අතර සමාජ මාධ්‍ය වගකීම් සහගතව භාවිත කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වයි.

ගෝව: ගෝව ප්‍රාන්ත රජය ද මෙවැනි තහනමක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලමින් සිටී.

ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සකස් කරන ලද වාර්ෂික ‘ආර්ථික සමීක්ෂණ’ වාර්තාව මගින් ද නිර්දේශ කර ඇත්තේ, දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස මත පදනම් වූ සීමාවන් පැනවීමට මධ්‍යම රජය සලකා බැලිය යුතු බවයි.

සමාජ මාධ්‍ය නිසා දරුවන්ගේ අවධානය යොමු කිරීමේ හැකියාව (Attention Span) සහ අධ්‍යාපනය පිරිහීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දී ඇත.

මේ අතර ප්‍රංශය සහ එක්සත් රාජධානිය ද මේ වන විටත් දරුවන් සඳහා සමාජ මාධ්‍ය සීමා කිරීමට අදාළ නීති සම්මත කිරීමට හෝ සලකා බැලීමට පියවර ගනිමින් සිටී.

World News

Send your contact Details Today