Latest News

අමෙරිකානු බලපෑම් හමුවේ රුසියාව සහ චීනය ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ ලෝක දේශපාලන කරළිය තුළ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ උපායමාර්ගික ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ වෙළඳ බදු (Tariffs) සහ ඩෙන්මාර්කයෙන් ග්‍රීන්ලන්තය ලබා ගැනීමට ඔහු ඉදිරිපත් කළ මතභේදාත්මක ඉල්ලීම් හේතුවෙන් බටහිර රටවල් සහ අමෙරිකාව අතර යම් මත ගැටුම් නිර්මාණය වී ඇත.

මෙම පසුබිම තුළ බොහෝ බටහිර රටවල් චීනය සමඟ පවතින සබඳතා යළි සමාලෝචනය කරමින් සිටින මොහොතක මෙම නායක හමුව සිදුවීම විශේෂත්වයකි.

මෙහිදී අදහස් දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කර ඇත්තේ, ලෝකය පුරා වර්ධනය වෙමින් පවතින කැළඹිලි සහගත ස්වභාවය හමුවේ රුසියානු-චීන විදේශ ප්‍රතිපත්ති සබඳතා “වැදගත් ස්ථායීකරණ සාධකයක්” (Important stabilising factor) වන බවයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රික්ස් (BRICS) සන්ධානය සහ ෂැංහයි සහයෝගීතා සංවිධානය (SCO) වැනි බහුපාර්ශ්වික රාමුවලදී දෙරටේ “සංයෝගය” අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන බවත්, ගෝලීය සහ කලාපීය කටයුතුවලදී සමීප සම්බන්ධතාවයකින් කටයුතු කරන බවත් පුටින් අවධාරණය කළේය.

චීන ජනාධිපති ෂී ජින්පින් මෙහිදී ප්‍රකාශ කළේ දෙරට අතර සබඳතා නිවැරදි දිශානතියකට ගමන් කරන බවයි.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා “මහා සැලැස්මක්” (Grand plan) සකස් කිරීමට එක්ව කටයුතු කරන ලෙස ඔහු රුසියාවෙන් ඉල්ලා සිටියේය.

World News

Send your contact Details Today