Latest News

හෙට සිට දින 05ක් විශේෂ දුම්රි­යන් කිහිපයක් ධාවනය කරවීමට ශ්‍රී ලංකා දුම්රිය සේවයෙන් තීරණයක් – හේතුව මෙන්න

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෙට (05) සිට මේ මස 10 වැනිදා දක්වා විශේෂ දුම්රි­යන් ධාව­නය කිරී­මට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කර ඇත.

ඒ ඉන්දි­යාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරී­මට හුණු­පි­ටිය ගංගා­රාම විහා­ර­ස්ථා­නය වෙත පැමි­ණී­මට සහ වන්දනා කර ආපසු නිවෙස් දක්වා ගමන් කිරී­මට බලා­පො­රොත්තු වන සැදැ­හැ­ව­තුන්ගේ පහසුව උදෙසායි.

ඒ අනුව දැනට ධාව­නය වන දුම්රි­ය­ව­ලට අම­තර පහත සඳ­හන් දුම්රිය අවි­ස්සා­වේල්ල, රඹු­ක්කන සහ අලු­ත්ගම සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුව සිට අවි­ස්සා­වේල්ල, රඹු­ක්කන සහ අලු­ත්ගම දක්වාත් ධාව­න­යට යොදවා තිබේ.

මෙම දුම්රියයන් ක්‍රියාත්මක වන කාලසටහන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

World News

Send your contact Details Today