ශ්රී ලංකාවේ අදට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාවක් ප්රදානය කර තිබේ.
ඒ අනුව බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති එකක සමාවක් මේ යටතේ ප්රධානය කරනු ඇති.
එමෙන්ම රුපියල් 75,000 ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම ද මේ යටතේ සිදුවනු ඇති.