Latest News

රුසියාව සටන් විරාමය බිඳ දමයි – මැදියම් රැයේ යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊයේ රාත්‍රියේදී රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ බලශක්ති පද්ධති ඉලක්ක කර ගනිමින් දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

ඒ අමෙරිකානු මැදිහත්වීමෙන් ඇති කරගත් තාවකාලික සටන් විරාමය බිඳ දමමින්.

මෙම තත්ත්වය හමුවේ සාම සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු අවම වී ඇති අතර, සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එමෙන්ම දැඩි ශීතල කාලගුණයක් පවතින මොහොතක එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් කිව් සහ කාර්කිව් වැනි ප්‍රධාන නගරවල දහස් සංඛ්‍යාත නිවාසවල උණුසුම් කිරීමේ පද්ධති අක්‍රිය වී ඇති බව ද සඳහන්.

මෙය රුසියාව විසින් යුක්‍රේන වැසියන්ගේ ජීවනෝපාය අඩාල කිරීමට ගත් උත්සාහයක් ලෙස යුක්‍රේන බලධාරීන් පවසයි.

World News

Send your contact Details Today