ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ක්‍රියාත්මක කර ඇති සමාජ මාධ්‍ය තහනම යටතේ ‘Snap Chat’ සමාජ මාධ්‍ය ගිණුම් ලක්ෂ 04 කට අධික ප්‍රමාණයක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව සමාජ මාධ්‍ය තහනම යටතේ ‘ස්නැප්චැට්‘ සමාජ මාධ්‍ය ගිණුම් 415,000ක් මෙලෙස අවහිර කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය වසරේ දී ඔස්ට්‍රේලියාව විසින් නව නීති සම්පාදනය කරමින් වයස අවුරුදු 16ට අඩු බාල වයස් දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට කටයුතු කරනු ලැබීය.
ඒ යටතේ Snap Chat, Meta, TikTok සහ යූ YouTube ඇතුළු සමාජ මාධ්‍යන් මෙලෙස තහනම් කිරීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.