අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව නිවේදනය කර තිබේ.
ඒ එක්සත් ජනපදය ඉන්දියාවට පනවා තිබූ අපනයන භාණ්ඩ සඳහා වන තීරුබදු 25% සිට 18% දක්වා අඩු කිරීමටයි.
ඒ අනුව ඉන්දියාව වෙළඳ බාධක බිංදුවට අඩු කරන බවත් රුසියානු තෙල් මිලදී ගැනීම ද නවත්වන බවයි සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප් පැවසුවේ.
මේ අතර එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එළැඹීම ගැන තමා සතුටින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.