පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙන් සිටීමට නියමිතයි.
ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) පෙරවරුවේ මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඒ සිරිලිය ගිණුමේ මුදල් භාවිත කරමින් නිවසක් මිලදී ගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.